Colombo Today Local News

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක් සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසීය.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (03)දින සහභාගි වෙමිනි.

එසේම වසරකට මළ දරු උපත් 1900ක් සිදුවේ. ඉන් 35%ම කලල ආබාධ හෝ විකෘතිතා හේතුවෙන් සිදුවන දරු උපත් බවද ඔහු පැවසීය. ලෝකය පුරා පුද්ගලයන් මිලියන 8ක් පමණ උපත් ආබාධ නිසා පීඩා විඳිති. බිලිඳු මරණවලින් 11%ක්ද කුස තුළ මියයන දරුවන්ගෙන් 10%ක්ද මියයාමට හේතුව උපත් ආබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකාවේ වසරකට බිලිඳුන් 5800ක උපත් ආබාධ සහිතව ඉපදෙන බව සඳහන් වේ.

උපත් ආබාධ සහිත දරුවන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ඇතිවන ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරිත්වයේ විකෘතිතාවන් සහිත දරුවන්ය.

ශ්‍රී ලංකාවේ උපත් ආබාධවලට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ හෘද රෝග, ගාත්‍රා ආබාධ, පැලී තොල් ජානමය ආබාධ, ස්නායු නාළ ආබාධ, වකුගඩු ආබාධ, සුළු ආබාධ ය. මේ වන විට දරුවන් 9440ක උපත් ආබාධ හේතුවෙන් රෝහල්ගතව සිටින බවද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.

Related posts

මැතිවරණ කොමිසම පත්කරයි, සභාපති මහින්දමයි

colombotoday

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

colombotoday

ලක්‍ෂ 30ක් කොල්ලකෑ පොලිස් සැරයන්වරයෙක් සොයයි

Admin

ප්‍රංශයට යවනවැයි කියා මුදල් ගැරූ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට

Admin

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීම අරඹයි

colombotoday