Colombo Today Local News

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව වාර්තා වේ.

පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද (17)දින නිකුත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් අදාළ මුදල් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණි.

එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත් කර තිබුණි.

Related posts

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

ඇමැති ගෝලය මැදිහත් වීමෙන් උපකුලපති තෝරන පරීක්‍ෂණයට විරුද්ධව ජනපතිට ලිපියක්

Admin

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුලු ගෑස්

colombotoday