Colombo Today Local News

MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා.. ජනපතිට එය ඉරාදමන්න ආණ්ඩුවට 2/3 බලයක් දෙන්න- විමල්

ඇමරිකාව සමග MCC ගිවිසුමේ අදියර දෙකක් පසුගිය රජය විසින් අත්සන් කර ඇති බව දැනටමත් අනාවරණය වී අවසන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

අදාල ගිවිසුම් සමාලෝචනය කිරීමට පත් කරන ලද කමිටු වාර්තාවේ ඒ බව පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති තනි බලයෙන් මෙම ගිවිසුම් ඉරා විසි කළ නොහැකි බවත් හොරට හෝ අත්සන් කර ඇත්තේ රටවල් දෙකකට අදාළ ගිවිසුම් නිසා මේවා අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදය පසුගිය ආණ්ඩුව කාලයේ MCC කාර්යාලයක් අරලියගහ මැදුරේ පවත්වාගෙන ගොස් තිබුණ ද මේ වන විට එය දෙහිවල ප්‍රදේශයේ තැනක ස්ථානගත කර ඇති බව ඔහු පවසයි.

ඒ ඉදිරියේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු බවත් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක දැවැන්ත බලයක් ලබා දී ගිවිසුමට අහෝසි කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

හිටපු ඇමතිවරයා මහමැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවකදී මේ බව කියා සිටියේ.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා නැගීම පසුපස ශ්‍රී ලාංකිකයෝ 4 ක්‌

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

“ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා” – තිලංග සුමතිපාල

colombotoday

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

colombotoday

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday