Colombo Today Local News

මත්තල ගන්න එන ඉන්දීය ආයෝජකයෝ ලංකාවට එයි… හොර රහසේම ගුවන්තොටුපල නිරීක්ෂණය කරයි

මත්තල ගුවන් තොටුපළ බදු පදනම මත ලබාගැනීමට සූදානම් ඉන්දීය ආයෝජකයන් ඊයේ (03දා) පෙරවරුවේ මත්තල ගුවන් තොටුපොළේ නිරීක්ෂණයකට එක්ව ඇත.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්තයන්ද එක්ව තිබේ. මාධ්‍යයට වසන් කරමින් ඉතාමත් රහසිගත අන්දමින් මෙම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධීකරණය කර තිබූ බව වාර්තා වෙයි.

ගුවන් තොටුපළ බදු පදනමින් ලබාගත් පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මෙහිදී තොරතුරු ගවේශණය කොට ඇත. මත්තල ගුවන් තොටුපළ ඩොලර් මිලියන 405 කට බදු පදනමක් යටතේ ලබාදීමට සූදානම් වී ඇත්තේ හෙක්ටයාර 2000ක ඉඩමද සහිතව බව වාර්තා වෙයි.

මත්තල ගුවන් තොටුපළ නිර්මාණය කිරීමේදී ගුවන් තොටුපලේ සැලසුම් අංශයේ අංශ ප්‍රධානියා විශාල සේවාවක් කළ අතර ඊයේ පැමිණි ඉන්දියානු නියෝජිතයින්ට ගුවන් තොටුපලේ විස්තර ලබා දීම සඳහා එම නිලධාරියාම යොදවා ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයාංශය කටයුතු කර තිබුණි.

ada.lk

Related posts

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

චීන – ශ්‍රීලංකා සබදතා අවුලක !… චීන රජය හිටපු ජනපති මහින්දව චීනයට කැදවයි

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

colombotoday