Colombo Today Local News

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සෘජු ලෙස දේශපාලන කටයුතුවලට එක්‌වෙමින් ප්‍රථම වරට බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණීම අද සිදු වෙයි.

එලෙස දේශපාලන කටයුතුවලට එක්‌වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වෙයි.

විසුරුවා හැර ඇති පළාත් සභා තුන ඇතුළුව පළාත් සභා නවයෙහි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් සියයට 90 ක්‌ පමණ පක්‌ෂ සාමාජිකත්ව ලබාගැනීමට නියමිතය.

පක්‌ෂ සාමාජිකත්වය ලබාගැනීමට පැමිණෙන ලෙස එම සියලු මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක්‌ කර ඇත.

මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතාට සෘජුව දේශපාලනයට පැමිණීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ප්‍රායෝගික දේශපාලන වැඩසටහනක්‌ සැකසීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ මූලස්‌ථානයට පැමිණෙන ලෙස කරන ලද ආරාධනයකට අනුව ඒ මහතා අද නෙළුම් මාවත පක්‌ෂ මූලස්‌ථානය වෙත පැමිණෙනු ඇත.

divaina

Related posts

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

ඇමති පුතාගේ මල්ල තර කර ගන්න ජාතික පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීම තවමත් හොර පාරේ!

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු

colombotoday

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

පදවිය වැවෙන් ජලය හොරකම් කළ තිදෙනෙක් රිමාන්ඩ්

Admin