Colombo Today Local News

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (27) උදෑසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිසියේ භාරයට ගෙන ඇත.

මේ දිනවල දිවයින පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදෑසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරය සෝදිසි කර ඇත.

එහිදි පිහි 49සහ පොරො තුනක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගබඩා කාමරයේ පිහි 49 ක් සහ පොරො තුනක් තබා ගැනිම සම්බන්ධයෙන් පොලිසිය වෙත කරුණු ඉදිරිපත් කිරිමට එම ගබඩාවේ භාරකරු අසමත් විම නිසා එම ගබඩා භාරකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අගල් 9 සිට අගල් 12 දක්වා වු පිහි 49 ක් සහ පොරො තුන පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

colombotoday

බුදුන්ගේ ශ්‍රේෂ්ඨ නාමයට හා බුදු දහමට අපකීර්තියක් සිදු කිරීම – උපුල් ශාන්ත සන්නස්ගලට අධිකරණයෙන් ඇප

colombotoday

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

මෙරටට ඉන්දියාවෙන් නව මහකොමසාරිස්වරයෙක්

Admin