Colombo Today Local News

රටම කලුවරේ මුදල් ඇමැති කරන්නේ මොනවාද. තෙල් ටැංකි සියල්ලම ඉන්දියාව උකස්කරලා

මුළු රටම කලුවරේ සිටියදී මුදල් අමාත්‍යවරයා මොනව කරනවා දැයි කිසිවෙකු හෝ නොදන්නා බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22)දින පැවසීය.

ඔහු පාර්ලිමේන්තුවටද මාස තුනකින් පැමිණ නැතැයි හෙතෙම චෝදනා කළේය. කිරිඇල්ල මහතා මෙසේ චෝදනා කළේ මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි.

මුදල් අමාත්‍යවරයා හා ඉන්දියාවට ගොස් ණය කන්දරාවක් ලබාගෙන ඇති බවත් ඔහු ඒ ණය මුදල ලබාගෙන ඇත්තේ වරාය තෙල් ටැංකි සියල්ලම ඉන්දියාවට උකස්කර යැයි දැනගන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හෙයින් ඒ සියල්ල මේ සභාව දැනගත යුතු බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ දේවල් කිසිවක් රට නොදන්නා බවද සඳහන් කළේය.

අද ආණ්ඩුව ණය ගන්නේ කන්න දීමට යැයිද ඔහු පැවසුවේය.

ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට මුදල් අමාත්‍යවරයා මැති සබයට පැමිණිය යුතු බවත් ඔහු එසේ නොපැමිණීම කණගාටුදායක කාරණයක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය.

මුදල් අමාත්‍යවරයා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් සභාගත කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

colombotoday

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කොස්තාපල් ගෙදර යවයි

Admin

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතී

Admin

සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා

colombotoday