Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මතයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 51කින් සම්මතවිය.

පනතට පක්ෂව ඡන්ද 86ක් ලබනු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 35 ක් පමණි.

එහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු පනතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළහ.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවයි.

සමගි ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණ.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ.

Related posts

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

colombotoday