Colombo Today Local News

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

බන්ධනාගාර තුළ සිට සිදුවන දූෂිත ක්‍රියාකාරකම් මැඩලීම සඳහා බන්ධනාගාර තුළ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් රැඳවියන් භාරයේ තිබූ ජංගම දුරකථන 5000 ට අධික ප්‍රමාණයක් සහ බැටරි 10,000 ට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක ලේකම්වරයා කීය.

2019 වසරේ අගසිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් මෙම දුරකථන අත්අඩංගුවට ගත් බවද ආරක්ෂක ලේකම්වරයා කීය.

රටේ සිදු සිදුවූ බොහොමයක්ම අපරාධ සහ ජාවාරම් බන්ධනාගාර තුළ සිටින රැඳවියන් විසින් මෙහෙයවන බවට හෙළි හෙළිකරගත් තොරතුරු අනුව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ය. මෙම මෙහෙයුම් සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහය ලැබෙන බවද ආරක්ෂක ලේකම්වරයා කීය.

බන්ධනාගාරවල දූෂිත ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි බන්ධනාගාර නිලධාරීන් 20 දෙනකු පමණ වැඩ තහනමට ලක්කර සේවයෙන් ඉවත් කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය.

Related posts

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

පොහොර මිටිය රු 2500ට දෙන්න ජනපති නියෝග කරයි!

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday