Colombo Today Local News

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගම්මානවත්ත පාර මාවිත්තර,පිළියන්දල පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියක් මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් ධාවනය නොකරන ලෙසට මරණකරු යතුරුපැදිකරුට පැවසීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇත.

ඊට උරණ වූ යතුරුපැදිකරු ඔහුගේ පියාත්, වැඩිමහල් සොහොයුරාත්, මවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද සමග පැමිණ පොල්ලකින් සහ කඩුවකින් පහර දී මෙම ඝාතනය කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණ වී තිබේ.

පහරදීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ද තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

අනෙක් සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

Related posts

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday