Colombo Today Local News

සියළු කැලෑ පාළුවන් අල්ලන්න STF කැදවයි.. විල්පත්තුවම ගිල්ලත් බදුර්දීන්ට අත නොතියයි !

මෙරට වන සම්පත සහ වනජීවි සම්පත රැක ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සහාය ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

මෙරට ජාතික වනඋද්‍යාන අභයභූමි ආදී රක්ෂිත වනාන්තර ඇතුළු වන පෙත් ආශ්‍රිතව සිදුවන සතුන් දඩයම සහ දැව ජාවාරම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව කටයුතු කරනු ඇත.

මේ අතර පෙරේදා 24 දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා විල්පත්තු රක්ෂිතය නීති විරෝධී ලෙස විනාශ කර ඇති බවට විගණකාධිපති වාර්තාවෙන් පවා හෙළිදරව් වී තිබියදී ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය අසමත් ඇති බවයි.

පසුගිය රජය සමයේ ඇරඹි විල්පත්තු මහා වන සංහාරය රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා වත්මන් රජය යටතේද නිරුපද්‍රිතව කරගෙන යමින් සිටින බවත්, නැවත වරක් පසුගිය රජය බලයට පත්වූවත් රිෂාඩ් බදුර්දීන් එම රජයේද ඇමතිකම් ලබා දෙන බවත් කියා සිටි එහිමියන්, ඔහුට එරෙහිව කිසිදු රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක වෙතැයි විශ්වාසයක් තැබිය නොහැකි බවද කිය සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1652285991458088/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin

හොරට ගෙනා කරුංකා කන්ටේනර් 100ක් ප්‍රබල ඇමති රේගුවෙන් පන්නයි

colombotoday

ප්‍රේමදාස ක්‍රිඩාංගණය අසල තව්හිද් ජමාත් විරෝධතාවක්.. ජල ප්‍රහාරක කැදවයි.. පොලිසිය සීරුවෙන්

colombotoday