Colombo Today Local News

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි අලෙවියට සූදානම් කර තිබු ලක්ෂ දෙකකට ආසන්න වයින් තොගයක් සුරාබදු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෙයට පෙර බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කිරීමේ වරදට හසුවු සැකකරුවකු බවත් අදාළ සැකකරු සමග නිෂ්පාදනය කර තිබු වයින් ලීටර් 60 ක් ද සුරාබදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
 
අදාළ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන වයින් අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන්ට අලෙවි කිරීම්වලද නිරත වී ඇති බවත් සුරාබදු නිලධාරීහු පවසති.
 
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර නැවත 2021 ජනවාරි 27 දින මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා තිබේ.

Related posts

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටම

colombotoday

ලබන අප්‍රේල් තෙක් බිත්තර ආනයනයට අවසර

Admin

ක්‍රීඩාවට මෙතරම් අවමන් කළ ආණ්ඩුවක් තවත් නෑ.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වීමත් අවමානයක්

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday