Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙනඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා සඳහන් කරයි.

නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, “හිටගෙන මගීන් ප්‍රවාහනය කෙරුවොත් රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් අත්අඩංගුවට අරගෙන නීති මගින් කටයුතු කරන්න වෙනවා. ප්‍රවාහන අධිකාරියත් එක්ක කතා කරලා, ඒ වෙනුවට ඒ අයට හැකියාව තියෙනවා බස් රථ ප්‍රමාණය වැඩිකර ගන්න. බස් හිමියෙක් ගාව බස්රථ දෙක තුනක් තියෙනවා නම් මේ කාලෙදි අතිරේක ගමන්වාර සාකච්ඡා කරලා යොදා ගැනීමේ හැකියාව තියෙනවා,” යනුවෙන් ද පැවසීය.

Related posts

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

colombotoday

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

colombotoday