Colombo Today Local News

Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටම

rajitha 2365

කල් ඉකුත්වීමට ආසන්න බෙහෙත් වර්ග ඉන්දියාවෙන් මෙරටට ආනයන කර, ඇසුරුම් වෙනස් කර අලෙවිකිරීමේ ජාවාරමක් මීට වසරකට ඉහතදී නීතියට කොටුකර ගන්නාලදී. මෙම ජාවාරමට සම්බන්ද සුප්‍රසිද්ධ Harcourts Pharmacy ජාලය තවමත් මෙම ජාවාරමේ නියෙලෙන බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉතා සමීපව කටයුතු කරන මෙම ආයතනය පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතා හරහා යහපාලනය වෙනුවෙන් මුදල් යොදවා ඇති අතර ඇමතිවරයාගේ අනුහසින් මෙම ජාවාරම දිගටම සිදු කිරීමට අවස්ථාව සෑදී ඇත්තේ එම ආයෝජන මගින් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් මේ වනවිට තහවුරු වී තිබෙනවා.

කල් ඉකුත්වූ බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නම ගෑවුණු පළමු අවස්තාව මෙය නොවේ.ඔහු මීට පෙර බාල බෙහෙත් ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයේ චූදිතයෙකු වී මන්ත්‍රීධූරයෙන්ද නෙරපනු ලැබූ පුද්ගලයෙකි. ඒ පිළිබදව අමාත්‍ය විජයදාස රාජපක්ෂද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි.

එවැනි තත්වයක් තුළ දූෂිතයන් යැයි අධිකරණය මගින්ම තහවුරු කළ පුද්ගලයන් රටේ ජනතාවගේ ජීවිත වලට සෘජුවම වගකියන වැදගත් අමාත්‍ය ධූරවලට පත්කර ඔවුන්ගේ අනුග්‍රහය යටතේ එවැනි දූෂන තව දුරටත් පවාත්වාගෙන යෑමට ඉඩකඩ සලසමින් රටේ ජනතාව මරු කටට ඇද දැමීමම කෙටියෙන් හදුන්වන්නේ  ‘යහපාලනය’ ලෙස දැයි බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබේ.

Related posts

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

colombotoday

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

colombotoday

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

colombotoday

“බයවෙන්න එපා.. රනිල්ගේ අගමැතිකමට තට්ටුවෙන්නේ නෑ” – අනුරගෙන් එජාප පාක්ෂිකයන්ට ඉල්ලීමක්

colombotoday