Colombo Today Local News

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

ඇතුල්කෝට්ටේ – මිරිහාන – කොහුවල මාර්ගය සහ කොහුවල – නාවල මාර්ගයේ 9 වන පටුමග හා පාසල් මාවත සම්බන්ධ කරමින් රාජගිරිය නාවල ඇළ මතින් ඉදිකිරීමට යෝජිත නව පාලම සදහා 2020-11-26 වන (අද) දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මෙම නව පාලම ඉදි කරනු ලබයි. දිගින් මීටර් 700ක් වන මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 1.8 කි. මාස 9 කින් වැඩ නිම කිරීමට අපේක්ෂිතය. ප්‍රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම නව පාලම ඉදිකිරීමෙන් පසු පාර්ලිමේන්තු පාර හා කෝට්ටේ දෙසින් පැමිණෙන රථ වාහන සඳහා නාවල දෙසට පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන අතර රාජගිරිය මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයටද විසඳුමක් වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…

“අපි මේ ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙස මෙම නව පාලමේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කලා. අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කර මේ වන විට පාලම ඉදිකිරිම සදහා ටෙන්ඩර් ලබා දී අවසන්. මෙම පාලම ඉදිකිරිමට සමගාමීව නාවල ප්‍රධාන මාර්ගය පුළුල් කිරිමටද අපි කටයුතු කරනවා. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගීන් අද දිනයේ සිටම මෙම පාලමේ වැඩ ආරම්භ කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන සහ අළුතින් පාලම් 10000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය යටතේ මෙම පාලම කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පත්කිරිමට අපි කටයුතු කරනවා. පරිසරයට හා වගුරු බිම් වලට හානි නොවන අයුරින් මෙම පාලම ඉදිකිරිමට අපි සැලසුම් කරලා තියෙනවා. ඊයේ කිව්වා අපි ලංකාගමට හානි කලා කියලා. අද ඇවිල්ලා කියයි අපි මේ ප්‍රදේශයට හානි කරනවා කියලා. විපක්ෂයට ඕනි අපේ වැඩ නතර කරන්න. අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ. අපි ඔවුන්ගේ පහරදීම් වලට බයේ සංවර්ධන වැඩ නතර කරන්නනේ නැහැ. අපි ආවේ රටේ ජනතාවට වැඩ කරන්න. පසුගිය අවුරුදු පහේදී අපි පහර දීම් වලට ලක් වුණා. අපිට මඩ ගැහුවා. ඔවුන්ට ලැබුණු පාලන කාලය තුල ඔවුන් වැඩ කෙරුවේ නැහැ. මඩ ගහපු එක තමයි කෙරුවේ. අපි ඔවුන්ගේ මඩ වලට බයේ අපි රටට කරන සංවර්ධන වැඩ පිළිවෙල කිසිසේත් නතර කරන්නේ නැහැ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාවටයි.”

මේ අවස්ථාවට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ හා යදාමණී ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩි.පි.එමි.චන්දන, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩි.එම්.දයාරත්න යන මහත්වරු ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Related posts

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ගැන අධිකරණයෙන් අද දුන් තීන්දුව

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

colombotoday

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

colombotoday