Colombo Today Local News

ජාතික රෝහලේ හදවත් සැත්කම් නැවතී යාමේ අවධානමන්

කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදවත් සැත්කම් ජුනි මාසයේ සිට නතර කිරීමට සිදුවන බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

එම හදවත්සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් සැත්කම් හතරක් පමණ සිදුකරන අතර මේවන විට ද එම සැත්කම් අඩු කර තිබේ. එසේම සියලු හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඉනොක්ස්පරින් (enoxaparin) එන්නත රෝහලේ හිඟ වී ඇති අතර මේ හේතුවෙන් හෘද රෝගීන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇත. හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම මේවන විට රෝහලේ නැත. එම ඖෂධ ඉදිරි මාස තුන පමණ කාලය ඇතුළත නොලැබුණහොත් අනෙකුත් හෘද සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව තිබේ.

Related posts

යහපාලනයේ නිර්වචනය ඕනෑම තක්‌කඩියකුගෙන් සිංහලයා ගුටි කෑමද? – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මව්බිමට වැඩම කරවයි

colombotoday

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin