Colombo Today Local News

රටපුරා මැතිවරණ තහනම්: ඡන්දය දැම්මොත් මරණය !

ඉන්දු – ලංකා ගිවිසුමෙන් 1987 ජුලි මස ගිවිසගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කළ 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 පළාත් සභා සංස්‌ථාපනය කරන ලදී.

එජාප ආණ්‌ඩුව මඟින් පළාත් සභා ඡන්දය පැවැත් වූයේ අවස්‌ථා 4 කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28 ද මධ්‍යම සහ බස්‌නාහිර පළාත් සභා ඡන්ද ජුනි 02 ද දකුණු පළාතේ ඡන්දය ජුනි 09 ද නැගෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19 ද පැවැත්විණි. පළාත් සභා පනතට එරෙහිව වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධයක්‌ සංවිධානය කළේය. පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට විරුද්ධව 1987 නොවැම්බර් 09 ජවිපෙ මඟින් පළමු ජාතික විරෝධතා දිනය පවත්වන ලදී.

පිළිගත් දේශපාලන පක්‌ෂ වලින් ආණ්‌ඩු බලය හිමි එජාපය සමඟ තරග කළේ එක්‌සත් සමාජවාදී පෙරමුණ (කොප, සමසමාජ, නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්‌ෂය), ඊ. පී. ආර්. එල්. එµa සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය පමණි. ශ්‍රීලනිප, මහජන එක්‌සත් පෙරමුණ, රුක්‌මන් සේනානායකගේ එක්‌සත් ලංකා ජනතා පක්‌ෂය පළාත් සභාවට විරෝධය පළ කරමින් එය වර්ජනය කළහ. ඡන්ද දිනයන්හි ජවිපෙ ඇඳිරි නීතිය පනවා තිබූ අතර ප්‍රචණ්‌ඩ ක්‍රියා බහුලව සිදුවිය. රට පුරා පළාත් සභා අපේක්‌ෂකයන් සහ ඡන්ද දායකයන් කිහිප දෙනෙක්‌ ද ඝාතනය කර තිබිණි. ඡන්දය වැටීමේ අනුපාතය වූයේ සියයට 49.7 කි. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එම අනුපාතය සියයට 7.97 ක්‌ විය. මාතර එය සියයට 20 කි.

n5 2පළාත් සභා ඡන්දයෙන් පසු ජවිපෙ ප්‍රචණ්‌ඩ ක්‍රියා රට පුරා වේගයෙන් වර්ධනය වූ අතර එය නොවැළැක්‌විය හැකි තත්ත්වයකට පත්වී තිබිණි. ජවිපෙ සංවිධානය කළ මෙම විරෝධතාවන්ගේ අවසාන අරමුණ වූයේ ජාතික විමුක්‌ති ආණ්‌ඩුවක්‌ ඇතිකර ගැනීම සඳහාය. මේ සඳහා එක්‌සත් පෙරමුණේ අරමුණු 49 කින් යුත් ජාතිය ගලවා ගැනීමේ වැඩපිළිවෙළ ජවිපෙ මඟින් 1988 සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්කළේය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී ජාතික විමුක්‌ති ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට දේශපාලන පක්‌ෂ සමඟ සාකච්ඡා ද 1988 දී අවසාන භාගයේ දී ආරම්භ කළේය. පක්‌ෂ 8 දේශප්‍රේමී එක්‌සත් ජාතික පෙරමුණ සාකච්ඡාව ජවිපෙ උපක්‍රමික ක්‍රියාමාර්ගයක්‌ විය. එය 1986 දී මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ගොඩනැඟීමේදී සිදුකරන ලද උපක්‍රමික ප්‍රවේශයේම තවත් සංධිස්‌ථානයක්‌ විය.

n5 3ජනාධිපති මැතිවරණ වර්ජනය තුළින් බලාපොරොත්තු වූයේ එජාපයම තවදුරටත් බලයේ සිටීම මඟින් ඉදිරියේදී වාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය වන බැවින් එම උපක්‍රමික අවශ්‍යතාව අනුව ශ්‍රීලනිපය දේශදෝහියකු ලෙස අනතුරුව නම් කළේය. ශ්‍රීලනිපයේ ආරිය බුලේගොඩ සහ එස්‌. ඩී. බණ්‌ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ මඟින් පක්‌ෂය පිහිටුවීමට මුල් වූයේ ද ජවිපෙයි. බස්‌ වර්ජනය සමයේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ නියෝජිතයන් 1989 අගෝස්‌තු 17 සුචරිතය ද ජනාධිපති ප්‍රේමදාස සමඟ සාකච්ඡා කළේය. ප්‍රේමදාසගේ සර්ව පාක්‌ෂික සමුළුව 1989 සැප්තැම්බර් 13 ආරම්භ වූ අවස්‌ථාවේදී ද ප්‍රගතිශීලී පක්‌ෂය එයට එක්‌වීය.

ජනාධිපති මැතිවරණයට නාමයෝජනා ලබා දුන්නේ එජාපයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රිලනිපයෙන් සිරිමා බණ්‌ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්‌ෂයෙන් ඔසී අබේගුණසේකරය. වසර 1988 දෙසැම්බර් 19 ට දෙවැනි ජනාධිපතිවරණයට දින නියම විය. මුළු රටම ජවිපෙ විරෝධතා හේතුවෙන් පරිපාලනය අඩාල විය. මැතිවරණය කඩාකප්පල් කිරීමට සියලු උත්සාහයන් එමඟින් ගනු ලැබීය.

n5 4දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 දෙසැම්බර් 01 නියෝග 5 ක්‌ නිකුත් කළේය. ඒ අනුව ජනාධිපතිවරණයට එරෙහිව ඇඳිරි නීතිය පැනවිය. ජනාධිපතිවරණයට අදාළ සියලු ශේ්‍රණීන්වල මැතිවරණ නිලධාරීන්ට ඉන් ඉවත්විය යුතුය. සියලුම ග්‍රාමසේවකයන්ගේ සේවාවන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට දෙසතියකට පෙර අත්හිටුවිය යුතුය. රෝහල් සේවය දෙසැම්බර් 18 සහ 19 අත්‍යවශ්‍ය සේවාවකි. සතියක්‌ තුළ ක්‍රියාත්මක වන පරිදි සියලු සුපිරි පන්නයේ හෝටල් වසා තැබිය යුතුය. මෙම නියෝග කඩකරමින් ඡන්දය දුන් ඡන්ද දායකයන් ගණනාවක්‌ ද සේවය කළ මැතිවරණ නිලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් කිහිප දෙනෙක්‌ම ඝාතනයට ලක්‌විය.

ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරාදමන බවට නියෝග කළේය. ඡන්දය ප්‍රකාශ කළ කිහිප දෙනකුගේ ඇඟිලි කපා තිබූ බවට වාර්තා විය. ජනපතිවරණ සමයේ දේශපාලන ඝාතන 681 ක්‌ සිදුවී තිබිණි. ඉන් 63 දෙනෙක්‌ ඡන්ද රාජකාරිවල නිරත වූ ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන් විය. මැතිවරණ කොමසාරිස්‌වරයාගේ වාර්තා අනුව රජයේ දිසාපති කාර්යාල 25 කින් 16 කම ක්‍රියාකාරීත්වය බිඳ වැටී තිබිණි. මොණරාගල පමණක්‌ ඡන්දපොළ 49 ක්‌ වසා දැමීමට සිදුවිය. ඡන්ද මධ්‍යස්‌ථාන 207 ක එකම ඡන්දයක්‌ හෝ පාවිච්චි කර තිබුණේ නැත.

ජනාධිපතිවරණ ඡන්ද වර්ජනයෙන් මුළුමනින් වාසි වූයේ එජාප ආණ්‌ඩුවට බැවින් ඔවුන් මැර බලයෙන් ජයග්‍රහණය සඳහා සියලු කටයුතු ක්‍රියාත්මක කළේය. එජාපයේ ආර්. ප්‍රේමදාස 2,569,199 ලබාගනිමින් සියයට 50.43 ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. පවතින දැඩි භීෂණය මත වූව ද ශ්‍රීලනිපයේ සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය ඡන්ද 2,289,860 ලබාගනිමින් සියයට 45.95 ක ප්‍රතිශතයක්‌ ලබාගත්තාය. මහජන පක්‌ෂයේ ඔසී අබේගුණසේකර ඡන්ද 235,719 ක්‌ ලබාගෙන සියයට 4.63 ක ප්‍රතිශතයක්‌ ගත්තේය. වැඩි ඡන්ද 279,331 කින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විය. මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සියයට 55.32 කි.

ජනාධිපතිවරණයට පසුදින එනම් 1988 දෙසැම්බර් 20 පෙරවරු 11 ට ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. ඒ අනුව 1989 පෙබරවාරි 15 මහ මැතිවරණය පැවැත්වීමට තීරණය විය. ජවිපෙ 1989 ජනවාරි 01 නිවේදනයක්‌ නිකුත් කරමින් මහ මැතිවරණය ප්‍රොaඩාවක්‌ බැවින් එය වර්ජනය කරන්නැයි ප්‍රකාශයක්‌ නිකුත් කළේය.

නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් රණසිංහ ප්‍රේමදාස හදිසි නීතිය ඉවත් කළ අතර ඒ යටතේ බූස්‌ස කඳවුර, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනේ තිබූ හමුදා කඳවුර, පැළවත්ත කඳවුර ඇතුළු කඳවුරු කිහිපයක රඳවාගෙන සිටි ජවිපෙ සැකකරුවන් 1,800 ක්‌ නිදහස්‌ විය. එම සැකකරුවෝ හදිසි නීතිය සහ ත්‍රස්‌ත ක්‍රියා මර්දන පනත යටතේ මාස ගණනාවක්‌ අත්අඩංගුවේ පසුවූ අය වූහ. එම පිරිසෙන් බහුතරය 18 ත් 35 ත් අතර අය වූහ.

මහ මැතිවරණ රැස්‌වීම්වලට බෝම්බ ගැසීම් අපේක්‌ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඝාතනය කිරීම්, ජවිපෙ නියෝග කඩකරන්නන් ඝාතනය කිරීම රටපරා සිදුවිය. ඡන්දය දුන් පළමු 5 දෙනාට දඬුවම මරණයයි බොහෝ ප්‍රදේශවල පෝස්‌ටර් ගසා තිබිණි. ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ වීමට පෙර සිවු දිනක්‌ ඇතුළත එසේ ඝාතනය වූ සංඛ්‍යාව 433 කි. මැතිවරණ දිනයේදී පමණක්‌ ඝාතනය වූ සංඛ්‍යාව 84 කි. ඡන්ද මධස්‌ථානවලට බෝම්බ ගැසීම් සහ වෙඩිතැබීම් වැනි සිදුවීම් 121 ක්‌ වාර්තා වී තිබිණි.

ජනාධිපතිවරණයට සාපේක්‌ෂව මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට 8 කින් ඉහළ ගොස්‌ තිබිණි. භීෂණය අනුව නියත ජය හිමි වූයේ එජාපයටමය. ඒ අනුව පාර්ලිමේන්තු ආසන 125 ක්‌ ද ශ්‍රීලනිප පාර්ලිමේන්තු ආසන 67 ක්‌ ද ලබාගත්හ. මහ මැතිවරණයෙන් පසු රටේ අරාජික තත්ත්වය තවත් උග්‍ර වූවා මිස අඩු වූයේ නැත.

ජනාධිපති ප්‍රේමදාස 1989 අප්‍රේල් 20 ගිරාඳුරුකෝට්‌ටේදී පැවති රැස්‌වීමක්‌ අමතමින් ජවිපෙට සහ කොටි සංවිධානයට සාකච්ඡා සඳහා ආරාධනා කළේය. ඒ අනුව ජවිපෙ ක්‍රියා සිටියේ නීති විරෝධී ආණ්‌ඩුවක ප්‍රොaඩාකාරී සාකච්ඡාවලට තමන් සහභාගි නොවන බවය. එහෙත් කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් 1989 අප්‍රේල් 27 සිය බිරිඳ සමඟ ලන්ඩනයේ සිට පැමිණ ප්‍රේමදාස ජනාධිපතිවරයා හමුවිය. අනතුරුව මැයි 14 යෝගි ඇතුළු පිරිසක්‌ ද කොටි සංවිධානය වෙනුවෙන් එම සාකච්ඡාවන්ට එක්‌විය. ජනපති ප්‍රේමදාස 1989 අප්‍රේල් සිට ජුනි 9 දක්‌වා කොටි සංවිධානය සමඟ කොළඹදී සාකච්ඡා කරන ලද අතර ඔවුනට තරු 5 හිල්ටන් හෝටලයේ සියලු පහසුකම් ලබාදී තිබිණි. එමෙන්ම කොටි සංවිධානයට සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ වශයෙන් ආයුධ සහ මුදල් ද ලබාදෙන ලදී. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 – 5234384 ලබාගත හැකිය.)

ධර්මන් වික්‍රමරත්න

Related posts

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

colombotoday

පැය අටේ වැඩමුරය ජයගත් 137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

Admin

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday