Colombo Today Local News

ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක එජාපය තුනෙන් දෙක පෙන්නන්නේ සරම උස්සලා – ජයරත්න හේරත

අද තුනෙන් දෙකේ බලයට කෑගහන එක්සත් ජාතික පක්ෂය ඒක පෙන්නා ගන්න බැරුව දඟලනවා. පෙන්න ගන්න පුලුවන්නම් අපිට මෙච්චරක් තියනවා කියලා පෙන්නන්න ඕනේ. ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක තුනෙන් දෙක පෙන්නනවා කියලා සරම් කඩාගෙන ඇඳි වස්ත්‍ර උස්සලා පෙන්නලා තමයි ඒක ඔප්පු කරන්න යන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය කුරුණෑගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ 2018-11-18 දින කුරුණෑගල එතුමාගේ නිවසේ පැවති මධ්‍ය බලමණ්ඩල රැස්වීම අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, අද රට අරාජිකයි අරාජිකයි කියලා කෑ ගහන කවුරුත් දන්නේ නෑ මේ රට අරාජික කලේ එක්සත් ජාතක පක්ෂය කියලා. ජනතාව බොහොම පීඩනයෙන් මිරිකිලා හිටපු මොහොතක මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා මේ පීඩනය නැති කරන්න උත්සාහ කරනවා. ඒක තේරුම් ගන්න ජනතාව මුලාවේ දාලා ව්‍යවස්තාවේ නැති දේවල් ජනතාවගේ ඔලුවට දාලා නැවතත් ඒ පීඩනය ගන්න තමයි එක්සත් ජාතික පක්ෂයට ඕනෑ කරලා තියෙන්නේ. මේ දේ අපි වෙනස් කල යුතුයි. ජනතාව එදාට වඩා අද බුද්ධිමත්. ජනතාව දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ආවොත් මේ පීඩනය නැතිවෙනවා කියලා. ඒ නිසා අපි හැමෝම අපේ ශක්තිය වැය කරලා අනිවාර්යයෙන් මේ ලබාගත්ත ජයග්‍රහණය රැකගන්න කටයුතු කරන්න ඕනේ.

කුරුණෑගල ජනතාව හරිම බුද්ධිමත් අපේ නගරාධිපති තුෂාර සංජීව මැතිතුමා කිව්වා වගේ අපි ඉතාමත් බැඳීමකින් කටයුතු කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය වගේ එකිනෙකාට බෙදිලා කටයුතු කරන්නේ නෑ.පහත් විදියට කටයුතු කරන්නේ නෑ. ඒ නිසා අපිට බය නැතුව එන ඕනෙම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ , පාර්ලිමේන්තුව දිහා බලපුවාම ඒක කෝලම් මඩුවක් වෙලා තියෙන්නේ. හැබැයි මේ කොලම ඇතිකරේ එක්සත් ජාතික පක්ෂය. තුනෙන් දෙක ඕනේ ඕනේ කියමින් උඩුබුරන මන්ත්‍රීවරුන් තුනෙන් දෙක පෙන්නා ගන්න බැරුව සරම් කඩාගෙන, ඇඳි වස්ත්‍ර නිරාවරණය කරගෙන තමයි මේ තුනෙන් දෙක පෙන්නන්න යන්නේ. අපි කියන්න කැමතියි පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙහෙම අසෝභන සිද්ධීන් අපි දැකලා නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ දේවල් ඇතිකරලා තියෙනවා. අද කුඩා දරුවෙකුටවත් පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ දේවල් වෙනස් කරන්න, වැදගත් සමාජයක් ඇති කරන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවක් අපි ඉක්මනින්ම පිහිටුවනවා කියලා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ශාඛා සමිති නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සභභාගි විය.

Related posts

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

ඤාණසාර භූමිකාවක්, “ඤාණසාර භූමිකාව” යනු රට රකින භික්ෂූවගේ යතිවර මුද්‍රාවයි… (Video)

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර ට සේවා දිගුවක්… මීළග හමුදාපතිත් ඔහුයි !

colombotoday

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday