Colombo Today Local News

ඤාණසාර භූමිකාවක්, “ඤාණසාර භූමිකාව” යනු රට රකින භික්ෂූවගේ යතිවර මුද්‍රාවයි… (Video)

බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙක් සිවුර ගැලවූ පමණින් ඥාණසාර හිමියන්ගේ භික්ෂූභාවය අහෝසි නොවන බවත්, එළියට වඩින්නේ ඇතුලට ගිය ඥාණසාර හිමියන්ම බවත්, මහනකම නැති කිරීමට මේ රටේ නීතියට හැකියාවක් නොමැති බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසති.

ඥාණසාර හිමියන් සිරගත කිරීමට තරම් අපරාධයක් සිදුකර නොමැති බවත්, එහෙත් කොටි ඩයස්පොරාවේ උවමනාව මත, බටහිරයන්ගේම නීතියෙන් උන්වහන්සේ වරදකරුවකු කර ඇති බවද එහිමියන් සදහන් කරයි.

“ඥාණසාර හිමියන් යනු තවත් එක් භික්ෂූන්වහන්සේ නමක් නෙවෙයි, “ඤාණසාර භූමිකාවක්“ . සිංහල භික්ෂූ වංශයේ නූතන යතිවර පරපුරේ ඥාණසාර භූමිකාව කියන්නේ රට රකින භික්ෂූවගේ යතිවර මුද්‍රාවයි“ යැයිද ඉදුරාගාරේ ධම්මරතන හිමියන් කියා සිටී.

උන්වහන්සේ මෙම අදහල් පලකළේ සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පිටකොටුව බෝධීන්වහන්සේ අභියසදී පැවති සත්‍යග්‍රහයට එක්වෙමිනි.

 

Related posts

මොබිටෙල් මූලස්ථානය වසා දමයි

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

හිරුනිකාගේ ජීවිතය ගැන වගකීම රජය ගත යුතුයි. | දුමින්ද නිදහස්වීම ගැන ෆොන්සේකාගේ අදහස

colombotoday

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday