Colombo Today Local News

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

ජපානයේ සිදුවුණු භූකම්පන තත්වය මත ඇතිවී ඇති අපදා තත්වය හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 200කට අසන්න පිරිසකට සහන සේවා සැපීමට අවශ්‍ය බව ජපාන තානාපති ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර 1300 කට අසන්න දුරකින් පිහිටි ඔයිතා (Oita) ප්‍රදේශයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 140කට අසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති අතර එයින් 75 පමණ ශ්‍රී ලංකික ශිෂ්‍යයන් බවයි වාර්තා වන්නේ.
කුමාමොතෝ(Kumamota) ප්‍රදේශයේ ශ්‍රී ලංකිකයින් 40 කට අසන්න පිරිසක් පමණ ආපදාවට ලක්වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

ඊයේ දිනයේදී ජපානයේ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් සහ තානාපති නිලධාරීන් අතර විශේෂ සාකච්චාවක් පවත්වා ඇති අතර සහෝදර ශ්‍රී ලංකික සහ ජපාන ජනතාව වෙනුවෙන් සහන සේවා ව්‍යාපෘතියක් ආරම්බ කිරීමට මෙහිදී තීරණය වී ඇත.
ඒ අනුව එළබෙන 30 වනදා දක්වා වියලි අහාර ද්‍රව්‍ය, ඇදුම් පැළදුම්සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීම පුජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිගේ මුලිකත්වයෙන් නො 1000 , තෙගොමරු ,ටිසුකුබා-ෂි පිහිටි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී සිදු කෙරෙන අතර වැඩිදුර තොරතුරු 0298799393 සහ 0081298799393 යන දුරකතන අංක මගින් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ඇමතීමෙන් ලබාගත හැක.

(ලහිරු වනිගසේකර – Colombo Today ජපාන වාර්තාකරු)

Related posts

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

විදුලි ගාස්තු සංශෝධනයක් වෙන්නෙ නැහැ – ඇමති කංචන කියයි

Admin

නැගෙනහිර මුස්ලිම් අරාබි පාලනයක්… පරවල්වලට අරාබි නම් දමති… සිංහල බසින් නඩු බාර නොගනී… සිංහලයන් දැඩි පීඩනයක….

colombotoday

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday