Colombo Today Local NewsWorld

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඇරයුමකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අද(19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු මෙරට රැඳී සිටින කාලසීමාවේදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු සමග ඉරාන ජනාධිපති කාර්යාලයේ, බලශක්ති අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 21 වැනිදා යළි දිවයිනෙන් පිටත්ව යාමටත් නියමිතව තිබේ.

මේ අතර, දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඉරාන යුද නෞකා දෙකක් පසුගියදා දිවයිනට සේන්දු විය.

එමෙන්ම එම නෞකා අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

Related posts

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday

පැෂන් බග් ගින්න : CCTV දෙන්න බෑම කියයි.. පොලීසිය බලෙන් අරන් යයි !

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin