Colombo Today Local News

ඇෆ්ගනිස්තානය සමග සටන අද

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන 2024 වසරේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(02) ආරම්භ වෙයි.

ඒ, සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වය හෂ්මතුල්ලා ශහීඩි වන අතර ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දේ.

දිමුත් කරුණාත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයින් මෙම තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ය.

නායක හෂ්මතුල්ලා සමග ඊබ්‍රහීම් සද්රාන්, රහ්මත් ෂා, ඉක්රම් අලිකිල් සහ කායිස් අහමඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ද ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් තරග බිමට පිවිසීමට සූදානම් ය .

ශ්‍රී ලංකාව මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 8වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඇෆ්ගනිස්ථානයට එහි හිමිව ඇත්තේ 11වැනිස්ථානයයි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද උදෑසන 10ට ආරම්භ වීමට නියමිතයි.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර පලමුවෙන් පන්දු යැවීමට තීරනය කර ඇත.

Related posts

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday

හිටපු ජනපති ගෝඨාගේ නිවසට දැඩි ආරක්‍ෂාවක්

colombotoday