Colombo Today Local News

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

ඉන්දියාව තහනම් කළ කුඩා කාර් රථයක් දේශපාලකයන්ගේ උවමනාවට මෙරටට ගෙන ඒමේ සුදානමක් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි වෙයි.

2016 වසරේදී ත්‍රීරෝද රථයට විකල්පයක් ලෙස මෙරටට ආනයනය කිරීමට සූදානම් වූ හා පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකින් ලංකාවේ ධාවනය කිරීමට සුදුසු නැති බවට කරන ලද නිර්දේශයක් අනුව ආනයනය කිරීම නවතා දැමූ කුඩා කාර් රථය (Quadricycle’s ) දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උවමනාවට නැවත ආනයනය කිරීමට රජය කටයුතු කිරීම  ජනතාවගේ ආරක්ෂාවට මහත් තර්ජනයකි.

අප රටේ රථ වාහන අනතුරු වලින් මියයන හා ආබාධිත වන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින අවස්ථාවක රජය මෙම අනාරක්ෂිත මෝටර් රථය මෙරටට ආනයන කිරීමට සූදානම් වීම ජනතාවගේ මරණ බිය තවත් තිව්ර කරන්නකි.

ඕනෑම භාණ්ඩයක් කිසියම් රටකට ආනයනය කිරීමට පෙර එම රට සොයා බලන ප්‍රධානම සාධකය වන්නේ එම භාණ්ඩය නිෂ්පාදිත රටේ කොතරම් අලෙවි වනවාද යන්නයි.  අප රටට ආනයනය කිරීමට සූදානම් වන මෙම කුඩා කාර් රථය (Quadricycle’s ) නිෂ්පාදිත රට වන ඉන්දියාවේ අධිකරණයක් විසින් තහනම් කරන ලද රථයකි. එයට හේතුව වන්නේ එම රථය අනාරක්ෂිතවීමයි.

අප රටේ ජනතාවට නොතෙමී යාමට හැකි මෝටර් රථයක අවශ්‍යතාවය පිලිබද සිතා මෙම කුඩා මෝටර් රථය ආනයනය කරන්නේ නම් අපට  රජයට කීමට ඇත්තේ නොතෙමී යාම එකම නිර්ණායකය නොවිය යුතු බව හා ජනතාවගේ ආරක්ෂාව පිලිබදව ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවයි.

කුඩා කාර් රථයක් ලබා ගැනීමට  ජනතාවට ඇති සිහිනය සැබෑ කිරීමට නම් රජය කල යුත්තේ මරුටි ඇල්ටෝ කාර් රථවල බදු මුදල අඩු කිරීමය.

මෙම අනතුරුදායක මෝටර් රථය අප රටට ආනයන කිරීමට කටයුතු නොකරන ලෙස ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා ලිපියක් අද දින අප සංවිධානය ඇතුළු තවත් සිවිල් සංවිධාන කිහිපයක් විසින් භාරදීමට නියමිතය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

ශ්‍රී ලංකාවේ දස දෙනෙකුගෙන් තිදෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයෙන් – UN

colombotoday

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

colombotoday