Colombo Today Local News

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලිව ඇති පරිදි බුදුදහම ආරක්‍ෂා කර පෝෂණය කිරීම රජයේ වගකීමයි – ගයන්ත

“බුදුදහම ප්‍රමුඛතාවයෙහි ලා සැලකීම, ආරක්‍ෂා කිරීම හා පෝෂණය කිරීම පවතින කුමන රජයක හෝ වගකීම හා අයිතිය වෙයි. එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම පැහැදිලිව සඳහන් කොට ඇත. මේ නිසාම එවක සිටි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධ ශාසනය සඳහා වෙනම අමාත්‍යාංශයක්‌ ආරම්භ කොට එහි අමාත්‍ය ධුරයද එතුමන් විසින්ම පවරාගෙන කටයුතු කිරීම තුළින් මේ සඳහා විශේෂ ගෞරවයකින් යුතුව කටයුතු කර ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

2562 වෙනි රාජ්‍ය වෙසක්‌ මහෝත්සවය වෙනුවෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පසුගිය 26 වෙනි දින ආරම්භ කරනලද ජාතික වෙසක්‌ සතියේ අවසන් දින උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

රාජ්‍ය වෙසක්‌ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා පවත්වනු ලැබීය.

මෙම සමාප්ති උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා මෙසේ පැවැසීය.

රාජ්‍ය වෙසක්‌ උත්සවය නිරතුරුව කලබලකාරී අගනුවර ස්‌ථානයක පැවැත්වීමට වඩා දෙවන පෑතිස්‌ යුගය දක්‌වා ඉපැරැණි ඉතිහාසයක්‌ ඇති නිසංසල පරිසරයක පිහිටි මෙවැනි සිද්ධස්‌ථානයක පැවැත්වීම වෙසක්‌ උත්සවයටද අභිමානයක්‌ යෑයිද ඒ මහතා පැවැසීය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී අදහස්‌ දක්‌වමින්,

vesak1අපේ අනාගත පරපුර හතර වටින් එන ආපදාවන්ගෙන් ගලපා ගත හැක්‌කේ ප්‍රතිපත්ති ගරුක සමාජයක්‌ ගොඩනැඟීම තුළින්ම පමණකි. පෝයදාත්, වෙස්‌මුහුණු දමාගෙන මෙරිගෝ රවුන්ඩ් යන දිනයක්‌ කරගතහොත් මේ රටට අපේ දරුවන්ට අනාගතයට පළක්‌ වෙයිද එනිසයි මේ වසර විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙම වෙසක්‌ උළෙල ආරම්භ කළේ. විශේෂයෙන් මෙවර රාජ්‍ය උත්සවය සතියකින් නිමාවන වැඩසටහනක්‌ නොවෙයි. මෙයට සමගාමීව ගම්වල විහාරස්‌ථාන 250 ක්‌ දහම් පාසල් 300 ක්‌ සංවර්ධනය වෙනවා. එහි ප්‍රතිලාභ ඉදිරි වසර තුළ ලැබෙන අතර මේවායේ ප්‍රතිලාභ ටිකක්‌ දිගුකාලීනව රටටම ලැබෙනු ඇතැයිද පැවසූ ඇමැතිවරයා විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය සඳහා විශේෂ වරප්‍රසාද දහම් පුහුණු සහතිකයට නියමිත වටිනාකමක්‌ ලබාදීමට කටයුතු කර ඇතැයිද දැනටමත් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණවලදී දහම් පාසල් සහතිකය වෙනුවෙන් අමතර ලකුණු 10 ක්‌ ලබාදෙන බවට පොරොන්දුවී ඇතැයිද පැවසීය. කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය අටමුණේ ආනන්ද නාහිමියන් සමග කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය හුනුවිල සුමනරතන නාහිමියන්ද මෙහිදී අනුශාසනා සිදුකළ අතර බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස්‌ නිමල් කොටවෙලගෙදර යන මහත්වරුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

රාජ්‍ය වෙසක්‌ උත්සවයට සමගාමීව දිස්‌ත්‍රික්‌කයේ දහම් පාසල් අතර සංවිධානය කරනලද බෞද්ධ කෙටි නාට්‍ය හා බොදු බැති ගී තරගාවලියේදී ජයග්‍රහණය කළ කණ්‌ඩායම් සඳහා ත්‍යාග ප්‍රදානය අමාත්‍යවරුන් අතින් සිදුකෙරුණි.

Related posts

සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි

Admin

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

කංසා වගාවට නීතිගේන යෝජනාව සම්මතයි

colombotoday

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday