Colombo Today Local News

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

පාර්ලිමේන්තුවේදී අද (06 ) සහ හෙට (07)දිනහි විවාදයට ගැනෙන හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කිරීමේ සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත් විවාදයන්හිදී සිය පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05)දින සඳහන් කළේය.

ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටසේ පස්වැනි වගන්තිය බලාත්මක කොට ප‍්‍රකාශයට පත්කර ඇති හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අදද, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත හෙටද විවාදයට ගැනීමට නියමිතය.

හදිසි නීතිය පිළිබඳ පනත බල උන්මාදයෙන් ගෙනා පනතක් බවටත්, මුදල් සංශෝධන පනත කළු සල්ලි සුදු කර ගැනීමට ගෙනෙන පනතක් බවටත් චෝදනා කළ අනුර කුමාර දිසානායක මහතා මෙම සියල්ලෙහි අරමුණ බලය සහ ධනය ඉහළ නංවා ගැනීම යැයිද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ 05 වැනිදා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

ප්‍රබල දේශපාලකයෙක් මෙහෙයවන කල්ලියකින් කාත්තන්කුඩියේ සමූහ ඝාතනයක්… 35ක් මරා වළ දමලා !!

colombotoday

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

colombotoday

“අපි එජාප ආණ්ඩුවක් හදනවා” – හර්ෂ ද සිල්වා

colombotoday

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

colombotoday