Colombo Today Local News

ආණ්ඩුකාර තනතුර නොලැබුණු දුකට තානාපතිකමත් අත්හරී !!

කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා සිය තනතුරෙන් ඉවත්වීමට අවස්ථාව දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

ඔහු මෙලෙස සිත් තැවුලෙන් තනතුරෙන් ඉවත්වීමට තීරනය කර ඇත්තේ පුරප්පාඩුවන ආණ්ඩුකාර ධුරයක් හිමිවන බව පැවසුවත් එය අහිමි වීම හේතුවෙන්. ජනාධිපති නව ලේකම්වරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු පත්වීමත් සමග පුරප්පාඩු වු නැගෙනහිර ආණ්ඩුකාර තනතුර තමන්ට හිමිවනු ඇතැයි ඒ එස් පී ලියනගේ බලාපොරොත්තුවෙන් සිටි බවයි වාර්තා වන්නේ.

එහෙත් නැගෙනහිර නව ආණ්ඩුකාරවරයා ලෙසයි රෝහිත බෝගොල්ලාගම ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ. ඒ එස් පී ලියනගේ කටාර් තානාපති කාර්යාලයේ රාජකාරිවලින් ඉවත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇත්තේ ඉදිරියේදී හෝ හිස්වන ආණ්ඩුකාර ධුරයක් තමාට ලබා දෙන ලෙස ඉල්ලමින්.

Related posts

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ දෙබානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි…

colombotoday

වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන – රුපියල ගොඩගන්න හැටි මුදල් ඇමති කියයි

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

“අස්ගිරි නාහිමිට, දඹලු විහාරයට බලපෑම් කිරීම වැරදියි“ – SB අගමැතිට, අකිලට එරෙහිව කට අරී

colombotoday

නොරොච්චෝලේ 03 වන ඒකකය දින 100කට වැසෙයි

Admin