Colombo Today Local Newsපුංචි ඡන්දය

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන අයතන කිහිපයකට ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප වී තිබේ.

මහරගම, වැලිගම, බදුල්ල, මහියංගනය, පානදුර, අගලවත්ත යන පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කළ ලැයිස්තු මෙසේ ප්‍රතික්ෂේප වී තිබේ.

කොට්ඨාස දෙකක් සම්බන්ධව මතුවූ ගැටළුවක් මත මහරගම නගරසභාවට ඉදිරිපත් කළ අපෙක්ෂක ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබේ.

කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම නිසා වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙන අතර, නාමයෝජනා පත්‍ර යේ අපෙක්ෂකයෙකුගේ අත්සන ඇතත් නම සදහන් නොවීම නිසා බදුල්ල හා මහියංගන නාම යෝජනා ප්‍රතික්ෂේප වි ඇත.

මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඒකාබද්ධ පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව පැවසේ.

Related posts

කාබනික වගාව වසර 5ක් කරනවා. කුඹුරු අක්කරයක් වවන්න යන්නේ රු. 14400 යි. | ක්ෂේත්‍ර නිළධාරීණී කේ.සී.එම්.අනූෂා සංජීවනී

colombotoday

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

බුදු පිළිම කැඩුවාම අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා… විපක්ෂයේ ‘කොටි එනවෝ‘ කතා නිසා ආරක්ෂක අංශ නොමග ගියා !!

colombotoday

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday