Colombo Today Local News

“මඩ පුවත් පලකලාට මගේ ලේකම්, රුවන් ඉවත් කරන්නේ නෑ” මංගල කියයි – පුවත පලකල ඊ නිව්ස් නියෝජිතයාත් මංගලගේ ලේකම්වරයෙක්

පදනම් විරහිත මාධ්‍ය වාර්තා පළවූ පමණින් තමන්ගේ නිලධාරීන් ඉවත් කිරීමට කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.
ඒ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් (මාධ්‍ය) වන රුවන් ප්‍රදිනන්දිස් මහතා සේවයෙන් ඉවත්කර ඇති බවට සමාජ මාධ්‍ය කිහිපයක පලවී ඇති පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.

‘ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් සම්බන්ධයි’ යන ශීර්ෂයෙන් යුතුව වෙබ් අඩවියක පුවතක් පළකර තිබුනා.

මෙම පුවත් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද පැවසිය.

” ඔය පුවත පලවී ඇතැයි කියන වෙබ් අඩවියේ කතුවරයා රුවන් සමඟ කලක සිට අමනාපයෙන් සිටින කෙනෙක්. කොහොම වුනත් පදනම් විරහිත මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ නිසා මම මගේ නිලධාරීන් ඉවත් කරන්නේ නැහැ. මීට පෙර මගේ නිලධාරියකු සම්බන්ධයෙන් අධිකරණ ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවේදී එම නිලධාරියාගේ ඉල්ලීම මත මම ඔහුට සේවයෙන් තාවකාලිකව ඉවත්වීමට අවසර දුන්නා.

රුවන් පොලිසියෙන් හෝ අධිකරණයෙන් සැකකරුවකු ලෙස මෙතෙක් කිසි දිනෙක චෝදනා ලැබුවෙක් නෙමෙයි. එහෙම තත්වයක් යටතේ වෙබ් පුවතක් නිසා ඔහුව ඉවත් කිරීමට මගේ සුදානමක් නැහැ. ”

කෙසේවුවද රුවන් ප්‍රදිනන්දිස් මහතාගේ ඉල්ලීම පරිදි අදාල වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

ඊ නිව්ස් ලංකාවේ නියෝජිතයාත් මංගල ළඟ,
කෙසේ වෙතත් අදාළ චෝදනාව එල්ලකර තිබූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ලංකාවේ නියෝජිත ලෙස කටයුතු කරන තුසිත හල්ලොලුව, මංගල සමරවීර ඇමතිවරයාගේ මුදල් අමාත්‍යංශ අතිරේක ලේකම් වරයෙක් ලෙස සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ලෙස තවදුරටත් කටයුතු කරන අතර ඊ නිව්ස් කතෘ ලෙස හැඳින්වෙන සඳරුවන් සේනාධීරගේ ලංකාවේ ඩිල් සිදුකරන්නා ලෙස සිදු කරන කාර්යයේද තවදුරටත් යෙදෙමින් සිටියි.

Related posts

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin

ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප

colombotoday

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday