World

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සටන්කාමීන් විසින් ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාව මධ්‍යම ගෝට් ප්‍රාන්තයේ අගනුවර වන ෆිරොස්කෝහිදී පවුලේ ඥාතීන් ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ කාන්තා හිංසනය ඉහළ යමින් පවතින අවස්ථාවක එම ඝාතනය සිදුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තලෙබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ අදාළ ඝාතන සිද්ධියට තම සංවිධානයේ කිසිදු සබඳතාවක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවද තලෙබාන් ප්‍රකාශකයා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

Related posts

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday