Uncategorized

“පාපන්දු සිකුරාදා (Football Friday)” තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දෙවන වැඩසටහන

ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීමේ අරමුණින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව “ජයගමු” වැඩසටහන යටතේ “පාපන්දු සිකුරාදා (Football Friday)” තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙන දෙවන වැඩසටහනයි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලය තුල ජනතාවට නිවෙස් තුලට වී කාලය ගත කිරීමට සිදු විය. එබැවින් බොහෝ දෙනා හට තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන් ශාරීරික ව්‍යායාමවල හා ක්‍රිඩා කටයුතුවල යෙදීමට නොහැකි විය.

මේ තත්ත්වය අවබෝධකරගත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ජනතාවට තමන්ගේ ශාරීරික සෞඛ්‍ය වැඩිදියුණු කර ගැනීම උදෙසා කොවීඩ් 19 වසංගත තත්ත්වය නිසා ආරක්ෂීත මාර්ගෝපදේශ සහිතව ශාරීරික ව්‍යායාම උදෙසා වන ක්‍රියාකාරම්වල යෙදීමට අවස්ථාව සළසා දී තිබේ.

පාපන්දු සිකුරාදා යනු එවැනි තවත් එක් වැඩසටහනකි. එහි සමාරම්භක උළෙළ 2021 පෙබරවාරි 19 දින ප.ව.6.00 සිට මධ්‍යමරාත්‍රිය දක්වා කොළඹ 07, තුරග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම වැඩසටහන සදහා පවුලේ සියලුම දෙනාට සහභාගී විය හැකිය.

සුළු පරිමාන ව්‍යාපාරිකයින් විසින් එම ස්ථානයේ කුඩා වෙළදපොළක් සහ පාපන්දු පුහුණු සැසියක් පැවැත්වීමට කටයුතු සැළසුම් කර තිබේ..

පවුලේ සියළුදෙනා හට පැමිණ සහභාගී විය හැකි මෙම වැඩසටහන සදහා ජනප්‍රිය ක්‍රිඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වීමට නියමිතය.

සුවදායී විනෝදාස්වාදය, කුඩා වෙළඳපලක් සහ ආහාර වෙළඳසැල් වලින් වටවී ඇති පාපන්දු සිකුරාදා සඳහා සිකුරාදා රාත්‍රියේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින අතරතුර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, සැහැල්ලු මානසිකත්වයක් පවත්වා ගැනීමට සහ ප්‍රීතිමත් පවුල් සන්ධ්‍යාවක් ගත කිරීමට මේ සදහා සහභාගීවීමට සියලු දෙනාට අවස්ථාව හිමිව තිබේ.

Related posts

නාවික හමුදාධිපති අගමැති හමුවෙයි

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday

ගෑස් නැව් වලට මුදල් ගෙවයි

colombotoday

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday

මුදාහැරීමට නියම කර ඇති අලි ඇතුන් 15කගේ ලියාපදිංචිය වළක්වාලමින් තහනම් නියෝගයක්

colombotoday