Colombo Today Local News

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

පසුගිය වසරේ දෙසැම්බර් තෙක් වූ වසර පහ තුල සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බදු මුදල් නිසි ලෙස අයවි නොමැතිබව හෙළිවී තිබේ.

ඒ අනුව සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබිය යුතු මිලියන 2376.2ක මුදලක් බදු ලෙස අයවි නොමැති බව පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී ඇත.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුවේදී දැනුම්දී ඇත්තේ අදාළ මුදල් හැකි ඉක්මනින් අයකරගන්නා ලෙසයි.

එසේම මෙතෙක් රටට ආදායම් ලබාදෙන සුරාබදු දෙපාර්තමේන්තුවට නීති නිලධාරියෙක් බඳවා ගෙන නොමැති බවද අනාවරණය කර ගෙන ඇත. එබැවින් නීති හා පර්යේෂණ ඒකකයක් ස්ථාපිත කර නීති නිලධාරියකු බඳවාගන්නා ලෙස එහි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Related posts

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

මුලතිව් කැලෑවක පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

colombotoday

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday

උතුරේ වෙනම රටක්‌ හදන්න ඇමරිකාව සල්ලි විසිකරයි. | ප්‍රධානියෙකුට ලංකාවට එන්න අධිකරණ අමාත්‍යාංශයෙන් නිර්දේශ දීලා.

colombotoday

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday