Colombo Today Local News

ආගරපතන පෙදෙසකට සංචරණ සීමා පනවයි

තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ “තෝන්ෆීල්ඩ්” කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට අද (09)දින සිට පියවරගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

ඊයේ (08)දින හමුව ඇති කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයා තෝන්ෆීල්ඩ් වතු කොටසේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇති බවට ලද තොරතුරු අනුව සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණයට එළඹ තිබේ.

දැනට එම වතු කොටසේ පුද්ගලයන් 150 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටින අතර එම පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

ඉන්දියානු මුස්ලිම් නායකයෙකු වෙනුවෙන් සැමරුම් උළෙලක්.. ජනපති ප්‍රධානත්වයෙන් හරසර පුදයි

colombotoday

ආගමික උම්මත්තවාදය පරාජය කිරීමේ වගකීම භික්ෂූන් වහන්සේලා අතට ගත යුතුයි. – ඥානසාර හිමි

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday