Colombo Today Local News

ඉන්දියානු මුස්ලිම් නායකයෙකු වෙනුවෙන් සැමරුම් උළෙලක්.. ජනපති ප්‍රධානත්වයෙන් හරසර පුදයි

ඉන්දීයාවේ මුස්ලිම් ආගමික නායකයකු මෙන්ම ප්‍රකට ලේඛකයෙකු වන ආචාර්ය ෂයික් තයිකා ෂඅයිඩ් අලීම් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහුගේ පැමිණීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (27) දා උත්සවයක් ද පැවැත්වුණි.

ආචාර්ය ෂයික් තයිකා ෂඅයිඩ් අලීම්ගේ ශ්‍රී ලංකා ගමන සිහිපත් කරමින් ජනාධිපතිතුමා සහ ඔහු අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබේ.

ආචාර්ය ෂයික් තයිකා ෂඅයිඩ් අලීම් ගේ ජීවන තොරතුරු ඇතුළත් කර රචිත ග්‍රන්ථයක් කැලණිය විශ්වවිද්‍යාලයේ අරාබි සහ ඉස්ලාමීය සංස්කෘතික අංශයේ හිටපු ප්‍රධානී ආචාර්ය එම්.ඒ.එම්. ශක්‍රි බා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවුණි.

ඡායා-රේඩියෝ ගගන

Related posts

බොදු බල සේනා සංවිධානය විසුරුවනවා

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට යන කතාව බැසිල්ගේ කුමන්ත්‍රණයක්” මහින්දානන්ද අළුත්ගමගේ

colombotoday

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

වීරකැටිය ප්‍රා. සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිය පිරිසකට වෙඩි තැබීමක්. දෙදෙනෙකු ජීවිතක්ෂයට

colombotoday