Colombo Today Local News

ශ්‍රී ලංකාව තුළ ආනයන සීමා පැනවීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් දූත මණ්ඩල අප්‍රසාදය

ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමයන්ට අනුකූල නොවන බව මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩල සාමාජිකයින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත සහ රුමේනියානු තානාපති කාර්යාල එක්ව එම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2018/19 කාලය තුළදී යුරෝපය හා ගනුදෙනු කිරීමෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 220ක ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලැබී ඇති බවය.

ඔවුන් පවසන්නේ, “වෙළෙඳාම යනු එක දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවේ,” යනුවෙනි.

“වර්තමානයේ පවතින ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ හා යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම ඝෘජු ආයෝජන වෙත ද රිනාත්මක බලපෑමක් සිදුව තිබේ. කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට ද එය බාධාවකි”.

මෙම තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑමක් එල්ලවන බව ඔවුන් පවසයි.

එසේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට සහාය දැක්වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය මෙරට සිටින යුරෝපා සංගම් දූත මණ්ඩලවල අවධානයට යොමු වී ඇති බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ විවිධ ජනවර්ග අතර සංහිදියාව, සාධාරණත්වය සහ සාමකාමී පැවැත්ම උදෙසා අඛණ්ඩව කැපවන බවට ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය වෙත තහවුරු කර ඇති බව ද එහි දැක්වේ.

“රජය ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමට යුරෝපා සංගමය නිරතුරුව සූදානමින් සිටී. විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය සහ ක්‍රියාශීලී සිවිල් සමාජයක් පවත්වාගැනීම එහිලා අත්‍යවශ්‍ය වේ,” යනුවෙන්ද එහි දැක්වේ.

Related posts

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

මහ හොරා රකින්න, එජාපය “කෝප්“ වාර්තාව බයිස්කෝප් කරලා..

colombotoday

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

ශ්‍රී ලාංකික තබ්ලිග් ජමාත් දෙදෙනෙක් ඉන්දීය පොලිස් අත්අඩංගුවට

colombotoday