Colombo Today Local News

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මර්දනය කළ පාතාලය දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ සහාය මත යළි බරපතළ ලෙස හිස ඔසවා ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
කොළඹදී ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී හෙතෙම පෙන්වා දුන්නේ පසුගිය වසර දෙක තුළ සංඛ්‍යා ලේඛන පරීක්‍ෂා කිරීමේදී මේ බව මනාව පැහැදිලි වන බවයි.
මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම් වැඩිවී ඇති අතර ඒවා නතර කිරීමට නම් ඒවා පිටුපස සිටින දේශපාලනඥයා නිහඬ කිරීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රිවරයා එහිදී අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා
බලන්න පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ ප්‍රහාරය. මේ ප්‍රහාර සුළුවෙන් සිතන්න බැහැ. මේ පිටුපස ඉන්නේ කවුද කියලා සොයලා බලන එක ආණ්ඩුවේ වගකීම. මියගිය පාතාලය නැඟිටලා තියෙන්නේ කොන්ද පණ නැති නිලධාරීන් නිසයි එදා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සිටියදී පාතාලය නැති කළා. අද බලන්න ඇතැම් දේශපාලනඥයන් මාධ්‍යයට ඇවිත් චණ්ඩි පාට් දමනවා. මේ මොකුත් නෙවෙයි ඒ අය කියන්නේ අපි පාතාලයට රැකවරණය දෙනවා ළඟට එන්න කියලා. මේ ඇඩ් දැකලා තමයි පාතාලය ඒ දේශපාලනඥයන් එක්ක මේ වගේ සෙල්ලම් දමන්නේ.

එදා රටින් පැනලා ගිය පාතාල නායකයන් දේශපාලනඥයන්ගේ රැකවරණය මත දිවයිනට ඇවිත් ඉදිරියේදී පාතාලයේ දරුණු තත්ත්වයන් බලන්න පුළුවන්. මොකද නීතිය නවන අය රටේ ඉන්න නිසා. පොලිසියෙන් ඇහුවම කියයි කවුද පාතාලයට උදවු කරන දේශපාලනඥයන් කියලා.
රණවිරුවන් දඩයම් කරන අයට තමයි මේ විදියට උසස්වීම් දෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් මේ දේම කළා. එදා භික්ෂුන්ට වමේ කාන්තා හඬ අවදි කළ විවියන් ගුණවර්ධන වැනි අයට පහර දුන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දුන්නා. විවියන් ගුණවර්ධනට පහරදුන් පොලිස් නිලධාරියාගේ දඩ මුදල ගෙව්වෙත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. අදත් ඒ සමාජ වටපිටාව නිර්මාණය වෙලා. නීතිය නවන, නීතිය කඩන මඩුවලිගයෙන් තළන්න තළන්න වරප්‍රසාද දෙන සමාජ ක්‍රමයක් බිහිවෙලා.

අද වන විට පොලිස් කොමිසම ක්‍රියාත්මක වන්නේ නීතිය නවන පොලිස්පතිවරයාට ඕන විදියටයි. මේ ගැන අපි පොලිස්පතිගෙන් විමසන්න කැමැතියි.
වැඩි කල් යන්න කලියෙන් රට තුළ 88 – 89 වැනි භීෂණ යුගයක් බිහිවෙනවා. ඒකට වගකියන්න ඕන ආණ්ඩුව
මධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා
මේ ආණ්ඩුව තුන්වැනි වතාවටත් කොටුවේ උද්ඝෝෂණ කළ ආබාධිත රණවිරුවන් නොමඟ යවලයි තියෙන්නේ. 2013 පෙබරවාරි මස 28 වැනිදා ඔවුන්ට අවශ්‍ය දීමනා දෙන්න කියලා කළ යෝජනා මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නැහැ. මාර්තු මස 27 වැනිදා වෙනකම් විතරයි අපි ආණ්ඩුවට කල් දෙන්නේ.

එහිදී අදහස් දැක්වූ එම පක්‍ෂයේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා
වමේ කේන්ද්‍රයේ සභාපති චමීර පෙරේරා පසුගියදා ප්‍රකාශ කළා මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයි කියලා. මේ ප්‍රකාශය ඉතා බරපතළයි. ඇයි පොලිස්පතිවරයා මේ ගැන ඔහුගෙන් ප්‍රකාශයක් ලබා නොගන්නේ්.

Related posts

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක්. | පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක්. | ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්.

colombotoday

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday

යහාලනය යටතේ උග්‍ර විස පොහොර ගෙනල්ලා. | එළවලු සහ පලතුරුවලත් වස විසලු

colombotoday