Colombo Today Local News

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

asgiri maha nahimi

වර්තමානයේ දැඩි කතාබහට ලක්ව පවතින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට එරෙහි වීම හේතුවෙන් තමන් වහන්සේට මරණීය තර්ජනය කර නිර්නාමික ලිපි ලැබෙන බව අස්ගිරි මහනාහිමියෝ පවසති.

මේ මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ කිසිසේත් ඉඩ නොදෙන බවද උන්වහන්සේ කීහ.
මේ මාර්ගය විවෘත කිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් සිදු වන බවත් මේ නිසා තමන් වහන්සේ මුල සිට ඊට විරුද්ධ වූ බවත් මහනාහිමියෝ පැවැසූහ.

ජනපති පවා මේ මාර්ගය විවෘත නොකර විකල්ප මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධව අවධානය යොමු කර තිබෙන බවත් එතුමන්ටත් නැති අවශ්‍යතාවක් වෙනත් පිරිසකට ඇතිව තිබෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

වෙනත් ආගමික ස්ථානවලට සැතපුම් ගණන් පයින් යන්න තිබියදී දළදා මාලිගාව අභියසින් යෑමට පාරක් විවෘත කිරීම සුදුසුද යන්න කවුරුත් සිතා බැලිය යුතු බවද මහනාහිමියෝ පැවැසූහ.

Related posts

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

දැයම එක රොදකට බොදු බල සේනා මහනුවර රැලියේදී ඉදිරිපත් කෙරුණු යෝජනා මෙන්න

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

ආපදා කලමනාකරණයේදී ආණ්ඩුව දිගටම ඇණකොන්ඩා.. කොස්ගම ජනතාව කුපිත වෙලා

colombotoday

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin