Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

drugs  mafia

පරීක්ෂණ මටටමේ පවතින ඖෂධ ලංකාවේ ලියාපදිංචි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින මාෆියා කණ්ඩායම් සැරසෙන බව වාර්තා වේ.

මෙවැනි පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධ නීති ගත කිරීමට කටයුතු කරන්නේ ඖෂධ සමාගම්වල ඕනෑ එපාකම් අනුව කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින නියෝජිත පිරිස්ය. බෙහෙත් ගෙන්වීම සඳහා වූ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මෙරටට ඖෂධ ගෙන්වීමේ ජාවාරමක මෙම නියෝජිතවරු නියැලේ.

වාර්තා වන අන්දමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බෑණා කෙනෙකුද මෙය පිටුපස සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ මාෆියාවට එරෙහි වූ ඖෂධ නියාමන කොමිසමේ සභාපතිධූරය දැරූ මහාචාර්ය ලාල් ජයකොඩි මහතාට සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරූ මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය මහතාට සිට ධූරයෙන් ඉවත් වී යාමට පවා සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුලය.

පරීක්ෂණ මට්ටමේ පවතින බෙහෙත් නිර්දේශ කළ යුතුව ඇත්තේ අනිකුත් ඖෂධවලින් කිසිදු පලක් නැති අවස්ථාවක තිබෙන එකම විකල්ප ඖෂධ ලෙස පමනි. මෙවැනි පරීක්ෂණ මට්ටමේ පවතින බෙහෙත් වලින් අතුරු ආබාධ ඇතිවීම, සමහර විට කිසිදු සුවයක් නොලැබීම වැනි අනිසි ප්‍රතිඵල ලැබීමට වැඩි සම්භාවිතාවක් ඇත.

උදාහරණයක් ලෙස පිලිකා රෝගය වෙනුවෙන් ලබදෙන ඖෂධ 2 ක් වන NImotozumab, Cimavax මගින් රෝගියාගේ උපරිම ආයු කාලය මාස 3- 6 දක්වා වැඩි වේ. මෙම බෙහෙත්වලින් රෝගය සුවීමේ ප්‍රතිශතය 30% කි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි යුගයේ මෙවැනි අක්‍රමිකතා නැවැත්වීමට ඉතා උනන්දු විය. නමුත් එහි තිබූ සීමා සහිත බලතල නිසා එවැන්නක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය. හාස්‍යට කරුණ නම් දැන් ඔහු අද විධායක බලතල සහිතව රටේ ප්‍රධානියාව සිටී. එවැනි පසුබිමක් තුල යහපාලන රජයට මෙවැනි මාෆියා නැවැත්වීමට හෝ රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට වගේ වගක් නැත.

යහපත් ජාතික ඖෂධ ප්‍රතිපත්තීන් ගොඩ නගා ගැනීම හා රටේ අක්‍රමවත් ලෙස භාවිතා වන ඖෂධ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගැනීම සම්බන්ධයෙන් සාක්ච්ඡා කිරීමට ලබන අගහරුවාදා එනම් පෙබරවාරි මස 09 වෙනිදා CSR හිදී සවස 2.00 පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුරවැසියන්ට, කණ්ඩායම්වලට විද්වතුන්ට, වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරීන්ට ආරාධනා කර සිටී.

Related posts

ඉන්දියාවේ සිට මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවති…

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම් ලැබෙයි.. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ලෙස පිළිගනී

colombotoday

දේශපාලනය හමුදා කඳවුරුවලට ගේන්න එපා – ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලයි

Admin

හින්දු කටයුතු ඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්කිරීම් හින්දු ජාතියට කළ නිගාවක්

colombotoday

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday