Colombo Today Local News

දේශපාලනය හමුදා කඳවුරුවලට ගේන්න එපා – ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලයි

හමුදා කඳවුරු ඇතුළට දේශපාලනය ගෙන ඒමෙන් වලකින්නැයි සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය…

විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු පාලනයේ හිටියත් හමුදාවට දේශපාලනය ගේන එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා. මම දන්නවා සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා. මම දැක්කා. විශ්‍රාමික හමුදා නිලධාරියකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනවනම් විශේෂ අවසරයක් ඕන. මම ගියත් ගුවන් හමුදාපති දැනුවත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කඳවුරේ නිලධාරීන් දැනුවත් කරලා යන්නේ. ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ.

ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කීප දෙනකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුණේ ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ වෙනස් කරල තියනවා.

දේශපාලනය හමුදා කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා. හැම දේශපාලන ව්‍යාපාරයකින්ම මම ඒක ඉල්ලනවා. යනුවෙනි.

Related posts

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

එක රටක් තුළ එක නීතියක් යන්න අපි පිළිගන්නවා..- තුෂාර ඉඳුනිල්

colombotoday

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

ඝාතන කුමන්ත්‍රණයට “රෝ“ සම්බන්ධ බව ජනපති කැබිනට් මණ්ඩලයේදී කීවා… හිටපු අගමැති රනිල් ඉන්දීය මාධ්‍යට කියයි

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

colombotoday