Colombo Today Local News

“දේවාලවල පොල් ගහල කන්නලව් කරාට අපේ වැඩපිළිවෙල නතර කරන්න බෑ“ – අගමැති

ranil wickramasingheදේවාලවල ගොස් පොල් ගසා කන්නලව් කරන බංකොළොත් වූ පිරිසට ජාතික රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල්කිරීමට නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අප ජාතික දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වූවා. නිදහස් දින ජාතික උත්සවයත් එදින සවස පැවැත්වූ සංදර්ශනයත් නව යුගයක සංකේතයක් බවට පත් වුණා. අප ඉදිරියට ගෙන යන්නේ එම අලුත් යුගයේ සංකේතයයි.

එක් විප්ලවයකින් අපට නිදහස ලැබුණා. තවත් විප්ලවයකින් සංස්කෘතික දරුවන් බිහි වුණා. තුන්වැනි විප්ලවයෙන් තාක්ෂණික දරුවන්ගේ බිහිවීම සඳහා මග පෑදුණා. ඒ යුගයේදී මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආඩම්බර විය හැකි වැඩ කොටසක් කිරීමට අපට අවස්ථාව ලැබුණා. පාසල්වල රූපවාහිනිය, තාක්ෂණ අධ්‍යාපනය මෙන්ම පරිගණක අධ්‍යාපනය ලබාදීමට එම යුගයේදී හැකියාව ලැබුණා.

නිදහසෙන් පසුව බිහි වූ ඝංස්කෘතික දරුවාගෙන් පසු යුගය වන තාක්ෂණික දරුවාගේ අනාගතය හැදීම අපගේ අරමුණයි. මෙරට විප්ලව තුනක් තිබුණා. අපගේ ජාතික ආණ්ඩුවෙන් එම විප්ලව තුනම නියෝජනය වනවා. ඩී.එස්. සේනානායක මහතා මෙරටට නිදහස ලබාදීම එක් විප්ලවයක්. දෙවැනිව බණ්ඩාරනායක මහතා සමාජ විප්ලවයක් ඇති කළා. තුන්වැන්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙන ආ නවීකරණ විප්ලවයයි. මෙම විප්ලව තුන නිසා අපේ රට ඉදිරියට ගියා.

වත්මන් ලෝකයේ ඇති වී තිබෙන විශාල දේශපාලනික සහ ආර්ථික විපර්යාසය හමුවේ ලෝකය ගෝලීය ආර්ථිකයක් කරා ගමන් කරන අවස්ථාවේදී, තාක්ෂණය පදනම් කරගෙන අනාගතය බිහි වන අවස්ථාවේදී අපගේ ජාතික ආණ්ඩුවට හතර වැනි විප්ලවය කිරීමට අවස්ථාව ලැබි තිබෙනවා.

මේ රටේ දුප්පත්කම නැති කරන්න, තරුණ තරුණියන් සඳහා උසස් තත්ත්වයේ රැකියා ලක්ෂ 10 ක් බිහි කිරීමට, මධ්‍යම පාන්තිකයන්ගේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි කිරීමට 2030, 2035 කාලය වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමට අප ගමනක් අරඹා තිබෙනවා. ජාතික ආණ්ඩුවේ විප්ලවය එයයි.

එම විප්ලවය ජය ගැනීමට නම් තනි තනිව පක්ෂ වශයෙන් කටයුතු කිරීමෙන් හැකියාව ලැබෙන්නේ නැහැ. අප සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන යා යුතුයි. තරුණ තරුණියන් අපෙන් ඉල්ලන්නේ කුමක්ද? අපේ ප්‍රශ්න විසඳන්න. අප ඉදිරියට ගෙනයන්න. අපට හැමදාම එක තැන නතරවී ඉන්න බැහැ. අපේ දියුණුව ගැන බලන්න. යනුවෙන් අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටිනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ඒ බලා‍පොරොත්තු ඉටු කිරීම සඳහායි.

ජාතික ආණ්ඩුව යටතේ පසුගිය වසරේදී අපේ දේශපාලනික ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තරය හමුවේ ලංකාවට තිබූ ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාව ලැබුණා. දැන් අප ආර්ථික සංවර්ධන යුගය ඇරැඹිය යුතුයි. සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අප ඉදිරිපත් කරනවා. නොයෙක් රටවල සහයෝගය අපට ලැබි තිබෙනවා. එමෙන්ම රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආයෝජකයින් සමග සාකච්ඡා කර තිබෙනවා. ආයෝජකයින් ගෙනෙන නව ව්‍යාපෘති පිළිබඳවත් අප සාකච්ඡාවලට එළඹ තිබෙනවා. අප මේ සූදානම් වී ඉන්නේ එම වැඩකටයුතු කිරීම සඳහායි“

Related posts

“ඡන්ද කාලේ කියපුවා ගණන් ගන්න එපා.. පෝර්ට් සිටිය හොදයි” – ඇමති එරාන්

colombotoday

චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ…. වෛද්‍ය සිසුන්ට චීනයේ යළි අධ්‍යාපනය හදාරන්නත් අවස්ථාව

colombotoday

සීමා නීර්ණය කිරීමේ කමිටු සභාපති ධුරයට කේ. තවලිංගම් පත්කෙරේ

colombotoday

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කාල සීමාවන් වෙනස් කෙරේ

colombotoday