Colombo Today Local News

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.

මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250ක ඉඩ ප්‍රමාණයක් වෙනුවෙන් වුවද පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩුකර තිබේ.

එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 5,823,000ක් වැඩිපුර වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

Admin

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

බණ්ඩාර‍වෙල සංචාරක කලාපයේ ජෛව විවිධත්වය සුරකිමින් හරිත පුරවරයක් ගොඩනංවාලීම වෙනුවෙන් තුරුලිය පූජාව

colombotoday

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday