Colombo Today Local News

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

මෙම අධිමාත්‍රා ඖෂධ විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්ගාල පොලිස් වසමට අයත් ජයමාලපුර ප්‍රදේශයේදී වෛද්‍යවරයෙක් ය.

මෙම සැකකරු වයස අවුරුදු 49ක ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (පෙබ. 13) ඇත්ගාල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අධිමාත්‍රා ඖෂධ 1,600ක් විකිණූ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකාර වෛද්‍යවරයා විසින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පුද්ගලයින් මත්ද්‍රව්‍ය නොමැති අවස්ථාවලදී භාවිතයට ගනු ලබන ඖෂධ මෙලෙස අලෙවි කරනු ලැබ ඇති අතර දීර්ඝ කලක සිට සිදු කරන ලද විමර්ශනයකට අනුව උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත.

ඔහු අද (පෙබ. 14) ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබ. 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් ඇත.

Related posts

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

colombotoday

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin