Colombo Today Local News

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීමේ චෝදනා මත දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අප සිදුකල විමසීමකදී තහවුරු කරන ලදි.

ඒ අනුව අද (24) දින දුමින්ද සිල්වා මහතා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන 5ස් දෙනාට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

Related posts

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday