Colombo Today Local News

තෙල්දෙණිය ගැටුමට දිලුම් අමුණුගම ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි

පසුගියදා මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර පිළිබඳ ප්‍රශ්න කිරීම පිණිස ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත කැඳවා තිබේ.

ඔහුට අඟහරුවාදා උදෑසන 10.30ට පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ බීබීසි සිංහල සේවයට පැවසීය.

ඒ අනුව දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකුත් අඟහරුවාදා පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාශය වෙත පැමිණෙන බව ද ඔහු සඳහන් කළේය.

මාර්තු මාසයේ මුල භාගයේ මහනුවර හටගත් මුස්ලිම් විරෝධී ප්‍රහාර හේතුවෙන් කිහිප දෙනෙකු මරුමුවට පත්ව දේපලවලට දැඩි හානි සිදුවිය.

ප්‍රහාර සිදුවන අවස්ථාවේම ආණ්ඩුව ප්‍රකාශ කළේ ප්‍රහාර වලට සම්බන්ධ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන ද පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු ලැබී ඇති බවය.

ආණ්ඩුව අදාල මන්ත්‍රීවරයාගේ නම හෙළි නොකළ නමුත් මහනුවර ගැටුම් වලට සම්බන්ධ බවට සැකකෙරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රදේශිය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ, තෙල්දෙණිය සහ දිගන ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පැතිරගිය මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාර සම්බන්ධයෙන් ආණ්ඩුව විරුද්ධ පක්ෂයට චෝදනා කරන්නේ “කුලප්පු කිරීම” සඳහා බවය.

එම ගැටුම් මැඩ පැවැත්වීමේ වගකීම පොලිසිය නොව ආණ්ඩුව භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

මේ අතර මහනුවර ප්‍රහාර සඳහා වගකිවයුතු බවට සැකකරමින් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනෙකු ලබන මැයි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සඳුදා අධිකරණය නියෝග කළේය.

(බීබීසී සිංහල සේවය)

Related posts

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin

රත්නපුර මහ රෝහලේ වාට්ටු දෙකක් වසා දමයි

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

වැව් ජලය චීන සමාගමකට දීමට විරෝධය පෑවාට පොලිසියෙන් ප්‍රහාර… උද්ඝෝෂකයන් පෙරළා පොලිසියට පහර දෙයි

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

මුරලිදරන්ගේ ජීවන කතාව චිත්‍රපටයේ පෝස්ටරයක් ප්‍රසිද්ධ කෙරේ

Admin