Colombo Today Local News

වැව් ජලය චීන සමාගමකට දීමට විරෝධය පෑවාට පොලිසියෙන් ප්‍රහාර… උද්ඝෝෂකයන් පෙරළා පොලිසියට පහර දෙයි

කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ උද්ඝෝෂකයින් පිරිසක් විසින් පොලීසියට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
රාජාංගය වැව ආශ්‍රිතව අක්කර 17,000 ක ගොවිතැන් කරන බවත් එම ගොවිතැන් සඳහා ජලය සපයන රාජාංගනය වැව පානීය ජල බෝතල් නිෂ්පාදය කරන පෞද්ගලික චීන සමාගමකට ලබාදීමට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
මෙම උද්ඝෝෂණය සඳහා ගම්වාසීන් සියලුම දෙනා පැමිණ ඇති අතර උද්ඝෝෂණය හේතුවෙන් කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ  වාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

Related posts

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

colombotoday

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday

ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට වසර 10ක වීසා කාලයක් දීර්ඝ කිරීමේ බලය ආරක්ෂක ඇමැතිට

colombotoday