Colombo Today Local News

“මේක විකුණන ආණ්ඩුවක්.. මෙහෙම ගියොත් කච්චතිව් දූපතත් විකුණයි” – ඇමති සුසිල්

පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම මතය පිළිනොගන්නා බව කී ඒ මහතා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් පිළිනොගන්නා බවත් එම මතවලට ඉඩක් නොදෙන බවත් කීය.

කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී අද (10) පැවැති එම පක්ෂයේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කොහොමවුණත් මම නම් සම්බන්ධ වුණේ නැහැ. යහපාලනය ඇති වෙන්නේ 2015 වසරේ ජනවාරි 8 වැනි දා. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉන් පසු අගෝස්තුවේ. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්කයි. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එක්ක. “

Related posts

කතක් නිවස තුළ මරා දාලා…

Admin

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

තව අවුරුද්දකින් ගෑස් සිලින්ඩරේට රට බාරගන්න වෙනවා

Admin

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

colombotoday