World

ඇන්ගුයිලා දූපතේ නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික දිලීන් ඩැනියෙල්

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින කැරිබියානු දූපතක් වන ඇන්ගුයිලාහි (Anguilla) නව ආණ්ඩුකාර ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දිලීන් ඩැනියෙල් සෙල්වරත්නම් පත්කර ඇත. වර්තමාන ආණ්ඩුකාර ටිම් ෆෝයිගෙන් අනතුරුව 2021 ජනවාරි මාසයේදී නව ආණ්ඩුකාරවරිය ලෙස ඇය වැඩ භාර ගැනීමට නියමිතය.

ඇන්ගුයිලාව වර්ග සැතපුම් 35 ක භූමියකින් යුත් බ්‍රිතාන්‍ය පාලනයට නතුවූ දූපත් සමූහයකි. එහි වර්තමාන ජනගහනය 18,090 කි.

ඩැනියෙල් සෙල්වරත්නම් 2017 වසරේ සිට මේ දක්වා ඇන්ගුයිලාහි කැබිනට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. 2015 සිට 2017 දක්වා ඇය ව්‍යාපාර, බලශක්ති හා කාර්මික උපාය මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කර තිබේ. 1999 දී එංගලන්ත සහ වේල්ස නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලබාගත් ඇය පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය (නීති) සම්පූර්ණ කර ඇත.

Related posts

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

ඇමෙරිකාවේ ජනතාව කැළබෙයි පොලිස් ස්ථානවලට ප්‍රහාර, ජනපති ට්‍රම්ප් නූලෙන් බේරෙයි!

colombotoday