World

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිංගප්පුරු වෛද්‍යවරුන් පිරිසක් සොයාගත් නව පරීක්ෂණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ.

සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් අදාළ පරීක්ෂණ උපකරණය නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම උපකරණය මගින් විනාඩියක කාලයක් යම් පුද්ගලයෙකුගේ ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ද යන්න තහවුරු කරන බව වාර්තා වේ.

පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු එම උපකරණය සිංගප්පුරු සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණි.

Related posts

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

2060 වන විට මුස්ලිම් ජනගහනය 70% කින් ඉහලට. – නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි.

colombotoday

රජයේ අරමුදල් ගිණුමට ආවේ කොහොමද? හිටපු අගමැති ‘දන්නේ නෑ’ කියයි

colombotoday

ඉතාලියේ ගුවන් පාලමකින් බස‍යක් පෙරළී 21කට දිවි අහිමි වෙයි

Admin

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin