Colombo Today Local News

සුළි සුළං අවධානමක් ! රට පුරා අදත් වැසි

පසුගිය දිනවල ඇතිවූ අඩුපීඩන කලාපය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර් 500ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසයි.

එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළගක් දක්වා වර්ධනය විය හැකි බවත් විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

Related posts

යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායකට ඇප

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි ශානික්‍යන් රාසමානික්කම් ට කොවිඩ්

colombotoday

රත්‍රං මිල ඉහළට

Admin

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday