Colombo Today Local News

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගිය 11 දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විල්පත්තු රක්ෂිත මායිමේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ඉදිකරන ජනපද පිළිබදව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙසේ අදහස් පලකර සිටියේය.

නිවාස ඇමතිවරයා උදාගම්මාන ඉදිකිරීම සදහා විදේශ ආධාර ගැනීමට කැබිනට් අනුමැතිය ගන්නා බව බොහෝ විට සදහන් වෙනවා. රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉදිකරන ගම්මානවලටත් එසේ රජයේ අනුමැතිය ගන්නවාද?

රජයේ මුදල් පාවිච්චි කරනවනම් අනුමැතිය ලබා ගන්න ඕන. හැබැයි මැදපෙරදිග රටවලින් මුදල් ගෙනල්ලා එයා වියදම් කරනවා. ඒවට ඉඩම් අනුමැතිය ආදිය ගත්තම ඇති.

ඔහු පසුගිය දිනවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක සමරු ඵලකයේ රාජ්‍ය භාෂාව වන දමිළ සහ සිංහල භාෂා නැතත් අරාබි භාෂාවෙන් සමරුඵලකය තබා තිබෙනවා. මේක රාජ්‍ය භාෂා පනතට එකගද?

ඵලකයට වඩා වැදගත් වෙන්නේ ගෙවල් හැදීමනේ

 

Related posts

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

colombotoday

ජනාධිපතිවරණය නොවැම්බර් 16

colombotoday

මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට හානි

colombotoday

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday