Colombo Today Local News

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් මීගමුව පිටිපන පාරේ පිහිටි රුපියල් කෝටි 40කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි හෝටලයක් හඳුනාගෙන තිබේ.

එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා විය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයාගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි එම සැකකරුව මීට පෙර අත්අඩංගුවට ගැනුණි.

චෙකොස්ලෝවේනියානු ජාතිකයෙකු විවාහ කරගෙන සිටින මෙරට කාන්තාවකට අයත් එම දේපළ, සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා මිලටගෙන ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර බවට කරුණු හෙළිවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම භූමිය පර්චස් 100කට ආසන්නය. එය මීගමුව මුහුදු වෙරළට මුහුණ ලා පිහිටි අති සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් සහිත ස්ථානයක් බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකාර “දෙමටගොඩ රුවන්” නැමැත්තා නිතිවිරෝධී ලෙස උපයාගෙන ඇති දේපළවල වටිනාකම රුපියල් කෝටි 79කට අධික බව මේ වන විට හෙළිකරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Related posts

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin

පාසලක වහලයක් කඩා වැටීමෙන් සිසුන් 18 රෝහලේ

colombotoday

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

colombotoday